මවුකිරී දීමට මවක් යොමු වන්නේ නම් දරු ප්‍රසූතියෙන් පසුව බොහෝවිට ඇතිවිය හැකි මානසික අවපීඩනය තුරන් කෙරෙන බව මවුවරුන් 14,000ක් යොදාගනිමින් සිදුකළ පර්යේෂණයකින් සනාථ වී තිබේ.
මෙම පර්යේෂණය සිදුකළ මාතෘ හා ළමා සෞඛ්‍යය පිළිබඳ ජර්නලය පෙන්වා දෙන්නේ දරුවෙකු වැදූ මවකගේ මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම අතිශය වැදගත් බවයි.
තම බිළිඳාට මවුකිරි ලබාදීමට ආපොහොසත් වන මවුවරුන්ට එහි වැදගත්කම කියා දෙමින්, තමන්ගේ සෞඛ්‍යය මෙන්ම දරුවාගේ පෝෂණයද නංවාලීමේ අරමුණින් ඔවුන් මෙම පරීක්ෂණය සිදුකර ඇති බව පැවසෙයි.
මවුකිරි ලබාදීමෙන් දරුවාගේ සෞඛ්‍යයට ලැබෙන යහපත සම්බන්ධයෙන් විවාදයක් නොමැති බව පෙන්වාදෙන එම ජර්නලය, දරුවෙකු ඉපදී ප්‍රථම මාස 6ක කාලය තුළ මවුකිරි දීම අතිශය වැදගත් බව ලෝක සෞඛ්‍යය සංවිධානය විසින්ද තහවුරු කර ඇති බව පෙන්වා දෙයි.