වනාතවිල්ලුව, මයිලන්කුලම ව්‍යාපාරයේ පූදින ගොයම් අක්කර 300කට ප්‍රමාණවත් ලෙස ජලය නොමැතිවීම හේතුවෙන් එම ගොයම් අක්කර 300 විනාශවී යාමට ආසන්න මට්ටමකට පැමිණ තිබේ.
2013- 2014 මහ කන්නය වෙනුවෙන් මයිලන්කුලම ව්‍යාපාරයේ වී වගාවට තබ්බෝව ජලාශයෙන් ජලය ප්‍රමාණවත් පරිදි ලබානොදීම නිසා මෙසේ කුඹුරු අක්කර 300ක් විනාශ වෙමින් පවතින බව ගොවීහු පවසති.
එසේම කුඹුරු සඳහා නිදහස් කිරීමට තබ්බෝව ජලාශයේ ප්‍රමාණවත් තරම් ජලය පවතින බවද ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.