හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මැද කොළඹ ආසනය සඳහා ඉදිරිපත්වීම පිළිබඳව තමන්ගේ කිසිදු විරුද්ධත්වයක් නැතැයි මැද කොළඹ සම සංවිධායක සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.
අද (16දා) ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය. එහිදී කතා කළ අමාත්‍යවරයා,
“හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැද කොළඹින් ඉල්ලීමට මම විරුද්ධ බවට විරුද්ධවාදීන් වැරදි මත පළ කර තිබෙනවා. නමුත් හිරුණිකාට විරුද්ධවීමට මට කිසිදු හේතුවක් නැහැ. ඇය දක්ෂ තරුණියක්. ඇය වැනි තරුණ නියෝජිතවරියක් මැද කොළඹ ආසනයට පැමිණීම අපේ පක්ෂයට තවත් තරුණ අයගේ ඡන්ද ලැබීමට හේතුවෙනවා. ඒ වගේම හිරුණිකා මැද කොළඹ තිබෙන දේශපාලන අඩුව පුරවයි. ඒ වගේම මෙහිදී සඳහන් කළ යුතු වැදගත් දෙයක් තිබෙනවා. මැද කොළඹ ආසනයට ප්‍රධාන සංවිධායකයෙක් නැහැ. සම සංවිධායකයන් පමණයි ඉන්නෙ" යනුවෙන් පවසා සිටියේය.