පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණයට තමන් එරෙහි නොවුන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය. අදාළ චෝදනාව ඇත්තක් ද නැත්තක් ද යන්න ඒ මොහොතේ තමන් නිශ්චිතව දැන නොසිටි බැවින් මෙම තීරණයට තමන් එරෙහි නොවුණ බවත් අදාළ වින පරීක්ෂණයේදී මේපිළිබඳව නිවැරදි තීරණයට පැමිණිය හැකි බවත් මන්ත්‍රීවරයා පැවසීය. තනතුරු වරප්‍රසාද වෙනුවෙන් තම ප්‍රතිපත්ති පාවා නොදෙන බවද කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රකාශකළේය.