මන්නාරම තිරුකේදීශ්වරන් සමූහ මීනි වළේ දින 9ක් පුරාවට සිදු කළ කැනීම් වලින් මළ සිරුරු 39ක අස්ථි කොටස් මතු කර ගැනීමට හැකි වූ බව මන්නාරම පොලිසිය පැවසීය.
මන්නාරම පොලිසිය පැවසූ මන්නාරම, තිරුකේදීශ්වරන් මාර්ගය ආසන්නයේ වු සමූහ මිනීවළෙන් පස් වන වතාවට පසුගිය 16වැනිදා අස්ථි කැබලි මතු කර ගැනීමේ පරීක්ෂණ ආරම්භ වූවේ මන්නාරම මහේස්ත්‍රාත් ආනන්දි කනගරත්නම් මෙනවිය හා අනුරාධපුර රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි ඩි.එල්.වෛද්‍යරත්න මහතා යන අයගේ ප්‍රධානත්වයෙන් වන අතර එහිදී 16දා මිනිස් සිරුරු 4ක්ද 17දා මිනිස් සිරුරු එකකද 18දා මිනිස් සිරුරු 2කද අසිථි කොටස් මතු කර ගැනීමට හැකි විය.
වවුනියාව මධූෂංඛ අමරසිංහ