භාරත ලක්ෂමන් ඝාතන සිද්ධියට අදාළව හිටපු පාර්ලිමෙන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් දහතුන් දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දු ලබන සැප්තැම්බර් මස 8දා දා ප්රකාශයට පත් කිරීමට නඩුව විභාග කල ත්රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (14දා) තීරණය කළේය.
වසර එකහමාරකට ආසන්න කාලයක් පුරා මෙම නඩුවේ සාක්කි විභාග කිරීම අවසන් කිරීමෙන් අනතුරුව නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කිරීමට විනිසුරු මඩුල්ල මෙලෙස දින නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවන් 42 දෙනෙකුද විත්තිකරුවන් වෙනුවෙන් සාක්කිකරුවන් සිව් දෙනෙකුද සාක්කි ලබාදී තිබේ.