අයවැය මගින් ගෑස් ඇතුළු භාණ්ඩ 11 ක මිල පාලනය කරන බවට සඳහන් කළත් පාරිභෝගික කටයුතු අධිකාරියේ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ ගෑස් ඇතුළු භාණ්ඩ 07 ක් පිළිබඳව පමණක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.
අයවැය ලේඛනයට අනුව පරිප්පු, ගෑස්, හාල්මැස්සන්, කට්ටා කරවල, සාලයා කරවල, කඩල, දේශීය කිරිපිටි, ටින් මාළු, ළදරු කිරිපිටි, අල, බී ලූනුවල මිල පාලනය කරන බවට සඳහන් කර තිබෙන බව එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
එහෙත් ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ ගෑස්, හාල් මැස්සන්, පරිප්පු, කට්ටා කරවල, සාලයා කරවල, කඩල, දේශීය කිරිපිටි පමණක් මිල පාලනය කරන බවද ඔහු පවසා සිටියේය. මේ අනුව ටින් මාළු, ළදරු කිරිපිටි, අල, බී ලූනු ගැසට් නිවේදනයට ඇතුළත් කර නොමැති බවද හෙතෙම සඳහන් කළේය.