ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් සිට ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයට අයත් බෝයිං 737 යානයක් පැහැර ගැනීමට එම යානයේ ගමන් කළ ගුවන් මගියෙකු උත්සාහ කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
කෙසේ වෙතත් යානය පැහැර ගැනීමට තැත් කළ ගුවන් මගියා එම යානය ඉන්දුනීසියාවේ බාලි වෙත ගොඩබෑමෙන් පසු අත්අඩංගුවට පත්ව ඇති බවද වාර්තා වෙයි.
ඉන්දුනීසියා පොලීසිය එරට රූපවාහිනියට පවසා තිබුනේ මෙම ගුවන් මගියා යානයේ නියමු කුටියට ඇතුළු වීමට වෙර දරමින්, යානයේ පාලනය සියතට ගැනීමට උත්සාහ කළත් එම අවස්ථාවේදී ඔහුගේ වෑයම ව්‍යර්ථ වී ඇති බවය.
එමෙන්ම, ඉන්දුනීසියා ගුවන් හමුදාව බී.බී.සී.ය වෙත පවසා තිබුනේ ඔවුන් මේ වනවිටත් යානයට ඇතුළු වී තත්ත්වය පාලනය කර ඇති බවය.
මේ අතර, වර්ජින් ගුවන් සේවයේ බලධාරීන් ඉන්දුනීසියා රූපවාහිනිය වෙත පවසා තිබුනේ එම ගුවන් මගියා බීමතින් සිට ඇති බව තහවුරු වන බවය. එමෙන්ම ගුවන් යානය පැහැර ගැනීමක් සිදුව නොමැති බවද ඔවුන් එහිදී පවසා තිබේ.