බෝට්ටු මගින් නීතිවිරෝධී ලෙස ඔස්ටේ්රලියාවට ගොස් සිටි ශී‍්‍ර ලාංකිකයන් 45 දෙනෙකු අද (06දා) නැවත පිටත් කර එවා ඇති බව ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රැකවරණ තක්සේරු ක්‍රියාවලියෙන් පසුව මොවුන් නැවත මෙරටට එවීමට කටයුතු කර ඇති අතර, ඉන් 08 දෙනෙකු සිය කැමැත්තෙන් ආපසු ඒමට එකඟත්වය පළ කර ඇති බවද කියැවෙයි.
ඔස්ට්‍රේලියාවේ ආගමන හා දේශසීමා ආරක්ෂක අමාත්‍ය ස්කොට් මොරිසන් පවසන්නේ බෝට්ටු මගින් නීතිවිරෝධීව පැමිණෙන කිසිවෙකුට තම රට තුළ නතර වීමට අවස්ථාව නොදෙන බවයි.
කෙසේ වෙතත්, බෝට්ටු මගින් පැමිණි අයෙකු සිය කැමැත්තෙන් සිය රටවලට යන්නේ නම් ඔවුන්ට තම රජයෙන් විවිධ අනුග්රහයන් ලැබෙන බවද හෙතෙම පෙන්වා දෙයි.