“සංස්කෘතික හා ආගමික කටයුතු ඉදිරියට දාලා සිදුකරන අලි පැටව් හොරකම වහාම නවත්වන්න කියලා අපි කියනවා. මේ කරන්නෙ අනතුරු ඇඟවීමක්. නතර නොකළොත් හොරකම් කරන අයගේ නම්, ගම්, අලි පැටවුන් හංගාගෙන ඉන්න තැන් පවා අපි හෙළිකරනවා. ඒ හැමදේම අපි දන්නවා” යැයි බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (06දා) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළහ.
උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ මෙම හොරුන්ට සහයෝගය දෙන, ඊට සම්බන්ධ ජනප්‍රිය හාමුදුරුවරුන් පවා සිටින බවයි. ඔවුන් සියල්ලන් ඉහළ මැති ඇමතිවරුන්ගේ ආශිර්වාදයෙන් කටයුතු කරන බවත්, ඒ සියලු තොරතුරු මාස කිහිපයක් පුරා තමන් වහන්සේ ඇතුළු පිරිස විසින් සොයා බැලූ බවත් පැවසූ ඥානසාර හිමියෝ සියලු තොරතුරු හෙළිකරන බවට නැවත නැවතත් අනතුරු ඇඟවූහ.