නැවත පාවිච්චියට ගත නොහැකි ලෙස කිලිටි වී ගිය මුදල් නෝට්ටු මිලියන 157.7 ක් ගිය වසරේ විනාශ කළ බවත්, ඒවායේ සමස්ත මුහුණත වටිනාකම රුපියල් බිලියන 67.7 ක් බවත් මහ බැංකුව සඳහන් කරයි.
2007 වසර තුළ පිරිසුදු ලෙස මුදල් නෝට්ටු භාවිතය පිළිබඳ මහ බැංකුව ප්රතිරූපයක් ආරම්භ කළ බවත්, ඒ තුළින් එය වඩාත් සක්රිය ලෙස පසුගිය වසරේදී ක්රියාත්මක කළ බවත් මහ බැංකුව සිය 2013 වාර්තාවෙන් පෙන්වා දෙයි.
මුදල් නෝට්ටු හැසිරවීමේදී අනුගමනය කළ යුතු පිරිවිතරයන් සම්බන්ධ උපදෙස් වාණිජ බැංකුවලට ලබාදුන් බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි.