දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රාග්ධන මුදල් යොදවා ගැල්වනයිස් යකඩ පයිප්ප මිලදී ගෙන දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතනවලට ලබාදීම හේතුවෙන් පොදු දේපළ යටතේ චෝදනා ලැබ සිටි බැසිල් රාජපක්ෂ මහතා සහ එහි හිටපු අධ්යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක මහතා එක් අයෙකුට ලක්ෂ 10 ක ශරීර ඇප 02 ක් මත නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාලමහතා අද (08දා) නියෝග කළේය.
ආසිරි දමින්ද - කඩුවෙල
දිවි නැගුම දේපාර්තමේන්තුවට අයත් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් අරාපක්ෂ මහතාට හා හිටපු දිවිනැගුම අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට ඇප නියම කරන ලෙසට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට කොළඹ මහේස්ත්‍රාත් එම්.සී.ඩී.එස්. මොරායස් මහතා දැන්විය.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් තමාව රිමාන්ඩ් ගත කිරීමට එරෙහිව නිකුත් කර තිබූ නියෝගයට එරෙහිව කොළඹ මහාධිකරණයට ප්රතිශෝධන ඇපෑලක් ඉදිරිපත් කිරීමට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කළ අතර එම ඇප අයැදුම්පති සළකා බලමින් මහාධිකරණය ඉහත නියෝගය නිකුත් කළේය.