රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටින තමා ඇප මත මුදාහරින්නැයි ඉල්ලා බැසිල් රාජපක්ෂ මහතා කොළඹ මහාධිකරණයට ප්රතිශෝධන ඇයදුම් පත්‍රයක් ඉදිරිපත් කර තිබේ.
පොලිස් අපරාධ කොට්ඨාසය විසින් පසුගිය 18දා අත්අඩංගුවට ගත් තමාව කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ඉදිරියට ඉදිරිපත් කළ බවත් එහිදී ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන දෙන ලෙසට සිය නීතිඥවරුන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා ලබන 01 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බවත් එමගින් පෙන්වාදී තිබිණි.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කොට ඇති මෙම ඇප අයදුම්පත්‍රයේ වගඋත්තරකරුවන් ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා හා නීතිපතිවරයා නම් කොට සිටිති.මහෙස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කොට ඕනෑම කොන්දේසියක් මත තමන්ට ඇප නියම කරන ලෙස පෙත්සම්කරු විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියි.