පසුගිය ජනපතිවරණ සමයේදී දිවි නැගුම දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 33ක මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා යටතේ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිවුදෙනෙකු නීතිපති විසින් අද (15දා) අධිචෝදනා බාර දෙනු ලැබීය. නඩුව එළැඹෙන අගෝස්තු 30 දා නැවතත් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය දින නියම කළේය.