රොසෙට්ටා අභ්‍යවකාශ මෙහෙයුම තුළින් මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට වල්ගා තරුවක් මතට යැවුණු ෆිලේ ලැන්ඩර් යානය බැටරි බලය අඩුවීම නිසා එය නිද්‍රා තත්ත්වයට පත්ව ඇති බව වාරතා වෙයි.
යුරෝපීය අභ්‍යවකාශ ආයතනයේ මූලිකත්වයෙන් මීට වසර 10කට පෙර ඇරඹුණු රොසෙට්ටා මෙහෙයුමේ උච්චතම අවස්ථාව ලෙස එහි ෆිලේ ලෑන්ඩර් යානය වල්ගා තරුව මතට පතිත කරවීම සිදුවූ අතර, ප්‍රථම උත්සාහයේදී රෝවරය යම් ත්වරණයකට ලක් වුවද, දෙවැනි අවස්ථාවේදී එය සාර්ථකව වල්ගා තරුව මතට ගොඩබස්වනු ලැබීය.
ෆිලේ ලෑන්ඩර් නම් වූ මෙම උපකරණය අභ්‍යවකාශ ආයතනය සැලසුම් කළ වැඩසටහනේ 80% ක් සම්පූර්ණ කිරීමෙන් පසුව මෙසේ එහි විදුලි කෝෂවල බලය හිනී වී ගොස් ඇත්තේ, එහි වූ සූර්යය කෝෂ වෙත ප්‍රමාණවත් තරම් හිරු එළිය නොලැබීම හේතුවෙනි.
යුරෝපීය අභ්‍යවකාශ ආයතනය සැලසුම් කළ ස්ථානයටම ෆිලේ ලෑන්ඩරය ගොඩබැස්වීමට නොහැකි වීම තුළ මෙසේ එයට ප්‍රමාණවත් තරම් සූර්යයා ලෝකය නොලැබී ඇති බව කියැවෙයි.
මේ තත්ත්වය තුළ පසුගිය සෙනසුරාදා එම උපකරණය හා පණිවුඩ හුවමාරු කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ වී ඇත්තේ සංඥාවලට ප්‍රතිචාර දැක්වීම දුර්වල වීම හේතුවෙන් බව පැවසෙයි.
කෙසේ වෙතත් තාවකාලික නිද්‍රා තත්ත්වයකට පත් වුවත්, ලබන වසරේදී මෙම වල්ගා තරුව සූර්යයාට සමීප වන බැවින් ෆිලේ ලෑන්ඩරයේ ඇති සූර්යය කෝෂ ආධාරයෙන් විදුලි කෝෂ බල ගැන්වීම තුළ යළි පෘථිවිය වෙත දත්ත ගෙන්වා ගැනීමට යුරෝපීය අභ්‍යවකාශ ආයතනය බලාපොරොත්තු වෙයි.
මේ අතර, මෙහි විදුලි කෝෂවල බලය සිඳී යෑමට පෙර පසුගිය සිකුරාදා ඡායාරූප හා දත්ත රැසක් පෘතුවිය එවීමටද ෆිලේ ලෑන්ඩරය සමත්ව ඇති බවද කියැවෙයි.