මේ මස 12 සහ 16 අතර දිනකදී බස්නාහිර හා දකුණු පළාත් සභා විසුරුවා හැරීමට නියමිත බව බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඉන්පසු සති 09 ක් ගිය තැන එළඹෙන සෙනසුරාදා දිනයේ මැතිවරණය පවත්වන බවද රණතුංග මහතා සඳහන් කළේය.
පළාත් සභාව විසුරැවා හැරීමට අදාළ අවසන් තීරණය ගැනීම සඳහා අනිද්දා (11දා) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවද හෙතෙම කියා සිටියේය.