වරකාපොළ වේවැල්දෙණිය ප්රදේශයේදී බස් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් හත් දෙනෙකු තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාලකරුවන් අතරින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ හෙයින් ඔවුන් කෑගල්ල රෝහලට මාරු කර යවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
වරකාපොළ රංගන රුවන්