ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් පාලනය වන අන්තර් පළාත් බස් රථවලට ජී.පී.එස්. උපකරණ සවිකිරීම කඩිනම් කිරීමට හා බස් රථවල ප්‍රමිතිය පරික්ෂා කිරීම සඳහා වූ විශේෂ වැඩපිළිවෙළක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් සංවිධානය කර ඇත.
දිස්ත්‍රික් මට්ටමින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම වැඩපිළිවෙළේ පළමු වැඩසටහන එළඹෙන 25, 26 හා 27 යන තෙදින පුරා කුරැණෑගලදී ක්‍රියාත්මක කෙරේ.
මෙහිදී කොළඹ කුරැණෑගල සහ කුරැණෑගල සිට අනෙකුත් පළාත් දක්වා ධාවනයේ යෙදෙන සියලුම බස් රථ සඳහා ජී.පී.එස්. සවිකිරීම හා බස් රථවල ප්‍රමිතිය පරික්ෂා කිරීමේ කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇත.
ජී.පී.එස්. සවිකිරීමට සහ මගී සේවා අවසර පත්‍ර කොන්දේසිවලට අනුව බස්රථවල ප්‍රමිති පරික්ෂා කිරීමට ඈත පළාත්වල සිට බස්රථ කොළඹට රුගෙන ඒමේදී බස් හිමියන්ට විශාල පිරිවැයක් දැරීමට සිදුවීම සහ අදාළ බස්රථ මගින් කොළඹ රථවාහන තදබදය තවතවත් වර්ධනය වීම, ඉන්ධන දහනය, පරිසර දූෂණය ආදී අහිතකර බලපෑම් අවම කිරීම මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණයි.