සෞඛ්‍ය අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි දුර ගමන් සේවා බස් රථ ආපන ශාලා පරික්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.
දුර ගමන් සේවා බස් රථවල ගමන් ගන්නා මගීන්ට ආහාර ලබාගැනීම සදහා ස්ථාපිත කර ඇති ආපන ශාලාවල පිරිසිදුභාවය, එම ආපන ශාලාවලින් ලබාදෙන ආහාරපානවල පිරිසිදුභාවය, සනීපාරක්ෂක පහසුකම්වල පවතින අඩුපාඩු සහ ආහාර පාන සඳහා පාරිභෝගිකයින්ගෙන් වැඩි මුදල් අය කර ගැනීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි ලැබීමෙන් පසු මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ මූලිකත්වයෙන් කඩිනමින් දුර ගමන් සේවා බස් රථ නතර කරන ආපන ශාලා පරීක්ෂා කිරිමට අවශ්‍ය පියවර ගැනීමට නියමිත අතර, ඉන් පසු සති දෙකකට වරක් මෙම ආපන ශාලා පරීක්ෂා කර වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට පියවර ගන්නා ලෙස අදාල බල ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට උපදෙස් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.