බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්රඥප්ති පනත් කෙටුම්පතට තමන් අත්සන් කළ බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (22දා) පැවසීය.
ඒ අනුව එම පනත් කෙටුම්පත පනතක් ලෙස ඉදිරියේදී වලංගු වෙයි. මීට පෙර මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයේ විරෝධය පළවිය.