ආණ්ඩුවෙන් එක්සත් ජාතික පක්ෂයටත්, එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවටත් පැන ආණ්ඩු නලවන කිසිදු පක්ෂයක්, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටු වූ පසු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කර නොගන්නා ලෙස කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරේන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
තම තමන්ගේ වාසි තකා පත්වන ආණ්ඩුවලට සම්බන්ධ වෙමින් දේශපාලන පක්ෂ කිහිපයක් ආණ්ඩු අර්බුදයකට ලක්කරන බවත්, ඊට හොඳම උදාහරණය වන්නේ වර්තමාන ආණ්ඩුව හෑල්ලු කිරීමට කටයුතු කරන හකීම්ගේ පක්ෂය බවද පවසා සිටියේය.