ජාතික පොලිස් කොමිසම පවත්වාගෙන යෑමට නම් මේ වනවිට කප්පාදු කර ඇති එහි බලතල යළි ලබා දීමට අවශ්‍ය යැයි එහි සභාපති ජනාධිපති නීතිඥ සේනක වල්ගම්පාය මහතා පවසයි.
17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පොලිස් කොමිසමට ලබා දී තිබූ පොලිස් නිලධාරීන් පත්කිරීම, උසස්වීම් ලබාදීම හා විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට ඇති බලතල ඉවත් කිරීමට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවූ බව සභාපතිවරයා පෙන්වා දෙයි. එසේම එම සංශෝධනය නිසා පොලිස් කොමිසමේ වැදගත්කම අඩුවූ බවද ඔහු පැවසීය.