2016 අයවැයේ අධ්‍යාපනයට අදාළ ශිර්ෂයේ සාවද්‍ය කරුණු ඇතුළත් බවත් ඒ අනුව අයවැය කාරක සභා අවස්ථාවට පෙර එම කරුණු ඉදිරිපත් කිරීමට කල්තැබීමේ විවාදයක් හා කරුණු සංශෝධනය කිරීමට කටයුතු කිරීමටත් ඉඩ ලබාදෙන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කළ ඉල්ලීම නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. නියෝජ්‍ය කතානායකවරයා පැවැසුවේ අදාළ කරුණ සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවි කරුණනායක මහතා පාර්ලිමේන්තුවේ පැහැදිලි කිරීමක් කර ඇති බවයි.