බදුල්ල දිස්ත්රික්කයට පවතින වැසි තත්ත්වය නිසා බදුල්ල, බණ්ඩාරවෙල, හල්දුම්මුල්ල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල කඳු ආශ්රිත හා කණ්ඩි ආශ්රිත ප්රදේශවල නායයාම් සිදුවිය හැකි නිසා ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මීට අමතරව ඇල්ල වැල්ලවාය මාර්ගයේ හා හපුතලේ - බෙරගල මාර්ගයේ ගමන්ගන්නා රථවාහන සහ මහ ජනතාව නායයාමේ අනතුරු පිළිබඳව අවධානයෙන් සිටින ලෙසද එම ආයතනය ඉල්ලා සිටියි.