රිෂාඩ් බද්යුදීන් අමාත්‍යවරයා රට තුළ වෙනමම මුස්ලිම් කලාපයක් ඇති කිරීම සඳහා මැදපෙරදිග රටවල් සමග එක්ව කටයුතු කරන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
විල්පත්තු රක්ෂිතය විනාශ කරමින් විල්පත්තුවේ සිට මන්නාරම දක්වා SH JASSIM CITY නමින් විශාල නිවාස ව්‍යාපෘතියක් ඉදිකරන බවත්, ඒ සඳහා කිසිම රාජ්‍ය අනුමැතියක් ලබාගෙන නොමැති බවත් ඥානසාර හිමියෝ වැඩිදුරටත් පැවසූහ.