2016 වසර සඳහා පොහොර සහනාධාර ලබාගැනීමට අපේක්ෂා කරන වගාකරුවන් ඔක්තෝබර් මස 31 වැනිදාට පෙර ඒ සඳහා අයඳුම්පත්‍ර යොමුකරන ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍යංශය වගාකරුවන්ට දන්වා සිටියි.
තේ, රබර් සහ පොල් යන වැවිලි ක්ෂේත්‍ර වල වගාකළ ඉඩම් හෙක්ටයාරයකට වාර්ෂිකව රජය මගින් මූල්‍ය සහනාධාර ලබාදෙන බවත් හෙක්ටයාරයක් වෙනුවෙන් තේ වගාව සඳහා රුපියල් 15,000ක් ද, පොල් වගාව සඳහා රුපියල් 9000ක් ද, රබර් වගාව සඳහා රුපියල් 5000ක් ද ලබාදීමට නියමිත බවත් අමාත්‍යාංශය පැවසීය.
පොහොර සනාධාර ලබාගැනීමට අපේක්ෂා කරන වගාකරුවන් ඊට අදාළ අයඳුම්පත් අමාත්‍යංශයට අයත් ප්‍රාදේශීය කාර්යාල මගින් ලබාගත හැකි බව එම අමාත්‍යංශය සඳහන් කළේය.