ලංකා රාජ්ය පොස්පේට් ආයතනයෙහි වත්මන් සභාපතිවරයා එම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් එප්පාවල ප්රදේශවාසීන් පිරිසක් අද (18දා) ලංකා රාජ්ය පොස්පේට් ආයතනයෙහි එප්පාවල වැඩ බිම තුළ විරෝධතාවයක නිරත වූහ.
තලාව ප්රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රී වසන්ත බණ්ඩාර මහතාද මෙම අවස්ථාවට එක් විය. වත්මන් සභාපති ජාලිය කුලසේකර මහතා ආයතනය සංවර්ධනය කරන බව පවසමින් ආයතනයෙහි සම්පත් විනාශ කර දමන බවට චෝදනා නගමින් විරෝධතාකරුවෝ උද්ඝෝෂණයෙහි නිරත වූහ.