බදුල්ල පොලීසියේ පොලිස් නිලධාරින් 5 දෙනෙක් ගමන්කරමින් තිබු පුද්ගලික මෝටර් රථයක් බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ බදුල්ල පිංඅරාවේ දි අද (26දා) අලුයම 2.15 ට පමණ මාර්ගය අයිනේ ඇති කොස් ගසක ගැටී අනතුරට ලක්විමෙන් ඔවුන් සියලුදෙනා තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ තුවාල ලබා ඇත්තේ බදුල්ල පොලිසියේ ස්ථානයීය අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරික්ෂකවරයෙක් උප පොලිස් පරික්ෂකවරු තිදෙනෙක් හා පොලිස් කොස්තාපල් වරයෙකි.
වැල්ලවාය ප්රදේශයේ මල ගෙදරකට ගොස් බදුල්ල බලා එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. මෝටර් රථයේ කාර්මික දෝෂයක් මෙම අනතුරට හේතුව විය හැකි බව බදුල්ල පොලීසිය කියයි.