ආණ්ඩුව වෙනස් කිරීම පිණිස අවශ්‍ය තීරණ ගැනීම පොලිස් නිලධාරීන්ගේ වගකීම බවත්, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් නීතිය හා සාමය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරන බව පැහැදිලිව සඳහන් කර තිබෙන බවත් හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා ඕස්ට්‍රේලියාවේ සිට විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.
රට තුළ මේ වනවිට පොලීසිය දේශපාලනීකරණය වී තිබෙන බවත් ස්වාධීන පොලිස් සේවයක් සහ ප්රජාතන්ත්රවාදී වෙනසක් රට තුළ ඇති කිරීම සඳහා වගකීම් සහගත තීරණයක් ගතයුතු බවත් ඔහු පොලිස් නිලධාරීන් ඇතුළු ජනතාව වෙත අවධාරණය කරයි.