පොතුහැරදී සිදුවූ දුම්රිය අනතුරෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 1700ක (කෝටි 17ක) අලාභයක් සිදුව තිබෙන බව දුම්රිය සමන්‍යධිකාරි බී. එම්. පී. ආරියරත්න මහතා සඳහන් කළේය.
මෙම අලාභයෙන් රුපියල් ලක්ෂ 1600 ක අලාභයක් සිදුව තිබෙන්නේ දුම්රිය එංජින් වලට සිදුවූ හානි නිසා බවත් තවත් රුපියල් ලක්ෂ 38ක අලාභයක් දුම්රිය ස්ථානයේ තිබූ සංඥා පද්ධතියට සිදු වූ හානිය නිසා බවද ඔහු පවසා සිටියේය.
ජනාධිපතිතුමා විසින් සිදුවීම පිළිබඳව ලබාදුන් උපදෙස්වලට අනුව පෙරේදා මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා විසින් මේ පිළිබඳ සොයා බැලීමට අධිකරණ විනිසුරුවරයෙකු පත්කර තිබෙන බවද සමන්යාධිකාරිවරයා සඳහන් කළේය.
මීට අමතරව අදාළ සිදුවීම් පිළිබඳව දෙපාර්තමේන්තුව තුළින්ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් එම පරීක්ෂණ වාර්තාව නිර්දේශ ද ඇතුළත්ව මාසයකදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් එහිදී වැරදිකරුවන් වන සියලුමදෙනාට තරාතිරම නොබලා දඬුවම් ලබාදීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.