පොතුහැර දුම්රිය අනතුර පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පත්කළ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව බදාදා (07දා) වනවිට එළිදක්වන බව නියෝජ්‍ය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසීය.
මේ වනවිට දුම්රිය අනතුර සම්බන්ධව වැදගත් කරුණු රැසක් අනාරවණය කරගෙන ඇති බවත්, තවත් ප්‍රධාන සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගැනීමට තිබෙන බවද සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
පොතුහැර දුම්රිය ස්ථානය ආශ්රිත දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට ගෙන ඇති බවත් ප්‍රධාන මාර්ග සංඥා පද්ධතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවද නියෝජ්‍ය ගමනාගමන අධිකාරිවරයා සඳහන් කළේය.
දුම්රිය අනතුර හේතුවෙන් විනාශ වූ මැදිරි සහ එංජින් කොළඹට ගෙන ඒමට කටයුතු යොදා ඇති බවත් පසුව ඒවා ප්‍රයෝජනයට ගැනීමට හැකියාව තිබේදැයි සොයා බලන බවත් හෙතෙම පැවසීය.