පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා මැලේසියානු සංචාරයක නිරතව සිටින හෙයින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා වැඩ බලන පොලිස්පති තනතුරට පත්කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
රාජකීය මැලේසියානු පොලිස් සේවයේ පොලිස්පති බින්ක් අබුබකර් මහතාගේ ආරාධනයකට අනුව මැලේසියාවේ පැවැත්වෙන ආසියානු කළාපීය ආරක්ෂක සේවා ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණයට සහභාගි වීම සඳහා පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා අද (13දා) මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර බලා පිටත්ව ගියේය. මෙම සමුළුව දින 04 ක කාලයක් පවතින අතර පොලිස්පතිතුමා සමග පුහුණුව භාර නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිප් මහතාද මැලේසියාව බලා පිටත්ව යන ලදී.