පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වී පසුගිය දින කිහිපයේදී සිදුකළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙවර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කළ බව එම පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේය.
පක්ෂයේ ප්රතිපත්ති සකස් කිරීමට හා ඉදිරි වැඩපිළිවෙළ සකස් කිරීම වඩා වැදගත් බව මෙහිදී තීන්දු කළ බවත්, ඒ පිළිබඳව පසුගිය මාස කිහිපය තුළ පුළුල් සාකච්ඡාවක් සිදුකළ බවත් ඒ මහතා පැවසීය.
එහි ඉදිරි පියවරක් හෙට (15) වමේ පක්ෂ කිහිපයක් මුණගැසීමට තීරණය කර ඇති බවත්, ඒ හරහා රට තුළ ආණ්ඩුවට එරෙහි මතවාදයක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවත් ජයගොඩ මහතා පවසා සිටියේය.