පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අද (15දා) පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතා ව්‍යාපාරය කොළඹ ප්‍ර‘දේශයට පවතින අයහපත් කාලගුණය හේතුවෙන්අවලංගු කිරීමට සිදු විය.
එම පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම් මහතා නිදහස් කරන්නැයි ආණ්ඩුවට බලකිරීමේ අරමුණින් මෙම උද්ඝෝෂණය පැවැත්වීමට සැලසුම් කර තිබුණු බවත්, කොළඹ ඇතුළු දිවයිනෙන් බොහෝ ප්‍ර‘දේශවලට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතිවී ඇතිමාර්ග අපහසුතා හේතුවෙන් පක්ෂයේ සාමාජිකයන්ට මෙම විරෝධතාවට සහභාගීවීමට නොහැකී වීම නිසා එය අවලංගු කර දැමීමට තීරණය කළ බව එම පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.
කොටුව දුම්රියපල ඉදිරිපිට පැවැත්වීමට තිබූ උද්ඝෝෂණය අවලංගු කළද පසුගිය 13 වැනිදා ආරම්භ කළ සත්‍යග්‍රහය ඉදිරියටත් පවත්වාගෙන යන බව හෙතෙම පවසා සිටියේය.
ඡායාරූප - ඉසුරු පෙරේරා