විවිධ ස්ථානවල ගබඩා කර ඇති, ත්‍රිවිධ හමුදාවන්ට අයත් පුපුරණ ද්‍රව්‍ය හා වාණිජමය පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විධිමත් ගබඩා සංකීර්ණයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුව ප්‍රදේශයේ ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදා මෙහෙයුම් පැවැති කාලවකවානුව තුළ ක්‍රියාන්විත කටයුතු සඳහා භාවිත කරන ලද පතරොම් හා වෙඩි ද්‍රව්‍ය විවිධ ස්ථානවල තාවකාලිකව ගබඩා කරන ලද අතර, ඒවා නිසි පරිදි ගබඩා කර තැබීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ගබඩා සංකීර්ණයක් ජනගහනය අඩු ප්‍රදේශයක ඉදිකිරීමට 2011 වර්ෂයේදීද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.