බද්දේගම අගලිය පොලිස් මුරපොළේදී පුද්ගලයෙකු ඝාතනය කළ බවට සැකපිට රහස් පොලීසිය අත්අඩංගුවට ගත් එම මුරපොළේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනා හෙට (07දා) දින බද්දේගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ඔවුන්ගෙන් ප්රශ්න කරගෙන යන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
2013 වසරේ සැප්තැම්බර් මාසයේදී පන්නලකන්ද, දිවිතුර, ඇත්කඳුර ප්ර‘දේශයේ පදිංචි 42 හැවිරිදි විවාහක අයෙකු පොලිස් මුරපොළ වෙත ගෙනවිත් සාහසික අන්දමින් ඝාතනය කර ඇතැයි රහස් පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, එවකට එම පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා හම්බන්තොට මූලික පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටියදී ඊයේ (05දා) අත්අඩංගුවට ගෙන තිබුණි.