පුත්තලම ප්රාදේශීය සභාවේ සභාපති ධුරය එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අංජන සඳරුවන් මහතා දිනා ගැනිම සිදු වුයේ ඊයේ (5දා) දින එම සභාවේ පැවති රහස් ජන්ද විමසිමකිනි.
පුත්තලම ප්රාදේශීය සභාව සදහා සභාපතිවරයකු තෝරා පත්කර ගැනිමේ ජන්ද විමසිම වයඹ පළාත් පාලන කොමසාරිස් ජේ.එම්.ආර්.පී. ජයසිංහ මහතා මුලසුනේ සිටිමින් සභාපතිවරයා ආරම්භ වු අතර එහිදි සියලුම ප්රාදේශීය සභා මන්ත්රිවරුන්ගේ එකඟතාව මත රහස් ජන්දයක් පැවතුණි.
මෙම ජන්ද විමසිම සඳහා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අංජන සඳරුවන් මහතා තරග වැදුණ අතර ඔහු ජන්ද 12ක් ලබා ගනිමින් සභාපති ලෙස තේරි පත්විම සිදුවිණ. මෙහිදි පොදුජන පෙරමුණේ ( පොහොට්ටුවේ ) රදික සංජීව මහතාට ලබා ගැනිමට හැකි වුයේ ජන්ද 10 ක් පමණි.
පුත්තලම ප්රාදේශය සභාව නියෝජනය කිරිම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් 7 දෙනෙකුද , පොදුජන පෙරමුණ 8 දෙනෙකුද , ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය 3 දෙනෙකුද , ජනතා විමුක්ති පෙරමුණ 1 ක් ද ස්වාධින කන්ඩායම (ඇපල් ගෙඩිය) 1 ක් , ශ්රී ලංකා නිදහස් පක්ෂය 2ක් ද, ස්වධින අංක දෙක (කෙසෙල් ඇවරිය) 1 ක් ලෙසින් සමස්ත මන්ත්රිවරුන් 23 දෙනෙකු තේරි පත්ව තිබුණි.