එක්සත් ජාතීගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව යෝජනාවක් ගෙන එන්නේ දේශපාලනික න්‍යාය පත්රයකට බව ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ මහතා පැවසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 25 වැනි සැසිවාරය ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳ පිළිතුරු ලබාදෙමින් ආරියසිංහ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ නවනීදන් පිල්ලේ මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සිදුවූවායැයි කියන මානව හිමිකම් කඩවීම් සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවය.
චීනය, පාකිස්ථානය, රුසියාව, තායිලන්තය, ආප්රිකානු රටවල් කිහිපයක් හා මුස්ලිම් රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවට පක්ෂව අදහස් ප්‍රකාශ කළ අතර, ඇමෙරිකාව, කැනඩාව, නොර්වේ, ජර්මනිය, එංගලන්තය, ඇතුළු බටහිර රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව අදහස් ප්‍රකාශ කළේය.