කොළඹ ශාන්ති පදනමේ අනුග්‍රහයෙන් වාර්ෂිකව සංවිධානය කරන ජාතික පිච්චමල් පූජා මහෝත්සවය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ඊයේ (23දා) පැවැත්විණි.
කොටපොල අමරකිත්ති හිමිපාණන්ගේ අදහසකට අනුව 27 වන වරටත් මෙය සංවිධානය කර තිබිණි. අනුරාධපුරයට ගෙනා ලක්ෂ සංඛ්‍යාත පිච්ච මල්, මල් කමිටු ඒකකය මගින් ඒ සඳහා වෙන්වූ බොදු පිළිවෙත්හි නිරතවූ සීමිත සැදැහැවතුන් පිරිසක් විසින්, මුතු කුඩ හා උඩුවියන් සහිතව පස්වරුවේ ථූපාරාම චෛත්‍ය රාජයාණන් අභියස සිට ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත මහ පෙරහරින් වැඩම කෙරිණි.
පිච්චමල් පෙරහර මහ සෑයට පැමිණීමෙන් අනතුරුව ගරුතර මහා සංඝරත්නය විසින් ‘ දම්සක් පැවතුම් සූත්‍රය මැදියම් රාත්‍රිය දක්වා දේශනා කරන ලදී. ඉන් අනතුරුව අද (24දා) රුවන්වැලි මහ සෑ රදුන් වෙත සිදු කෙරෙන කිරිපිඬු බුද්ධ පූජා පින්කමෙන් අනතුරුව විශේෂ භාවනාමය වැඩ සටහනින් පිච්ච මල් පූජා පින්කම නිමාවට පත්විය.
තිසර සමල් - එප්පාවල/බී.පී.චතුරංග