වැට් බදු අනුපාත වෙනස් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව තහනම් කළ හෙයින් මැයි 2 දා සිට වැට් බද්ද වැඩි කිරීමෙන් ආණ්ඩුව උපයාගත් මුදල් නැවත ජනතාවට ලබාදිය යුතු බව හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය. බදු අනුපාත වෙනස් කරන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අවසරය ගත යුතු බවත් ඔහු කීවේය.
"මැයි 02 දා සිට බද්ද ගෙනාවා. ගැමි භාෂාවෙන් කියනවානම් මේ පික් පොකට් ගහපු සල්ලි. මේක අාපසු ජනතාවට ලබාදෙන්න ඕන. ජනතාවට ගෙවන්න ඕන. ඒක අනිවාර්යයෙන් කරන්න කියලා අපි රජයට බලකරනවා." යැයි ඔහු පැවැසීය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.