වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා බව පවසමින් රගපැමක නිරතව සිටි අයෙකු අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීමේදී පැවිදි වී සිටින අයකු සිවුරු ගලවා කලිසම් කමිස පැළද සිටින බව හෙළිවී තිබේ.
කුරුණෑගල දඹුල්ල ප්රධාන මාර්ගය අලුත් වැඩියා කරන නිසා වාහන තදබධයක් පවතී. සෙසු වාහන පරයා මෝටර් රථයක් ධාවනය වී ඇත. රියදුරෝ එම මෝටර් රථය නවතා බැණවදි ඇත. මෝටර් රථයේ සිටි පුද්ගලයන් දෙදෙනකු බැස එක් අයෙකු වලාන දුෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා බව පවසමින් රියදුරන්ට තර්ජනය කර ඇත.
මේ පිළිබඳව සැකසිතුනු රියදුරන් ඒ බව ගලේවෙල පොලීසියට දැනුම්දී ඇත. පොලිසිය මෝටර් රථය නවතා පරික්ෂා කරීමේදී රථයේ සිටි දෙදෙනාම අධිකව බීමත්ව සිට ඇති අතර වහනයේ තිබී සිවුරු කට්ටලයක්ද හමුව ඇත.
තවදුරටත් ප්රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ පානදුර මහවත්ත අළුබෝමුල්ල ප්රදේශයේ විහාරස්ථානයක සිටින පැවිදි අයෙකු ගිහි ඇදුම් පැළඳ මිතුරෙකු සමග වාහනයක් කුලියට ගෙන අනුරාධපුරයට යනබවයි .
දෙදෙනාම අද (9දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.