පැල්වත්ත සීනි සමාගමේ ප්රධාන පරිපාලන ගොඩනැගිල්ල මත නැගී ඊයේ (07දා) උපවාස කළ සමාගමේ අනියම් සේවකයන් 50 දෙනාගේ සේවය වහා ක්රියාත්මක වන පරිදි අද (08දා) සිට අත්හිටුවා ඇතැයි පැලවත්ත සමාගමේ ආරංචි මාර්ග පවසයි.
පැල්වත්ත සීනි සමාගමේ අනියම් රියදුරන් 35 දෙනෙකු විසින් ආරම්භ කළ මෙම මාරාන්තික උපාවසයට, පසුව සමාගමේ ගිනි නිවීමේ අංශයේ රියදුරන් 15 දෙනෙකුද එක් වූ අතර, ඔවුන් ඉල්ලා සිටියේ තම සේවය ස්ථිර කරන ලෙසයි.