පාසල් දරුවන්ගේ නිර්මාණශීලී හැකියාව ඉහළ දැමීම සඳහා පාසල් නිර්මාණ තරගාවලියක් හඳුන්වාදෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධා ක්‍රිෂ්ණන් මහතා සඳහන් කළේය.
පාසල් දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් දෙමාපියන් විසින් නිසියාකාරව හඳුනා නොගැනීම නිසා ඔවුන්ගේ නිර්මාණශීලී හැකියාවන් සැඟව තිබෙන බවත්, එහෙත් ඉඳහිට දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් ඉස්මතු වන බවත් පවසා සිටියේය.
ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පාසල් දරුවෙකු කුඹුරක නියර බඳින යන්ත්‍රයක් හා සුවිශේෂී හිස්වැසුමක් සකස් කළ බවත්, පාසල් අවදියේ සිටම මෙවන් නිර්මාණ කිරීමට පෙළඹීම රටට විශාල ශක්තියක් බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.
මේ නිසා කලාප අධ්‍යක්ෂකවරුන් හරහා විදුහල්පතිවරුන් දැනුවත්කර දරුවන්ගේ නිර්මාණශීලී හැකියාව ඇගයීම සඳහා නිර්මාණශීලී තරගාවලියක් පාසල්වලට හඳුන්වා දෙන බව හෙතෙම සඳහන් කළේය.