අත්‍යවශ්‍ය භාණ්ඩ 16 ක් සඳහා ජූලි 15 වැනි දින සිට හඳුන්වාදුන් පාලන මිල මේ වනවිට රට පුර ක්‍රියාත්මක විය යුතු වුවද එම මිල ගණන්වලට භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයාට නොහැකි වී ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මෙම තත්ත්වය යටතේ ප්රමිතයෙන් තොර භාණ්ඩ වෙළඳපොළට පැමිණීමේ ඉඩකඩ ඉතා ඉහළ බව ද මීට පෙර රජය විසින් දින සියය වැඩසටහන යටතේ පාරිභෝගිකයාට ලබාදුන් සහනද ක්‍රියාත්මක නොවූ බවද ඔවුන් පෙන්වාදෙයි.
මෙහිදී වෙළෙඳ ආයතන විසින් අදාළ මිල ගණන් ප්‍රමාණවත් නොවන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන බවත්, මෙම තත්ත්වය යටතේ ප්‍රමිතියෙන් තොර භාණ්ඩ වෙළෙඳ පොළ ආක්‍රමණය කිරීමට ඇති අවදානම වැඩි බවත් ඔවුන් පෙන්වා දෙයි.