රජය විසින් පාලන මිලක් නියමකර ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 16 වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
පාලන මිලක් නියමකර ඇති භාණ්ඩ වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය හදිස්සි වැටලීම් ආරම්භ කර තිබෙන බවද අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා සඳහන් කරයි.
පාලන මිලට වැඩියෙන් භාණ්ඩ අලෙවිකරන වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් 200ක් යොදවා සිටින බවද පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේය. වැටලීමට යන නිලධාරීන් රාජකාරි කටයුතු කරන ආකාරය පිළිබඳව ප්‍රධාන කාර්යාලයේ සිට නිරීක්ෂණය කිරීම සඳහා නිලධාරීන් ගමන් ගන්නා වාහනවල ජී.පී.එස්. තාක්ෂණික උපකරණද සවිකර තිබේ.
පාලන මිලට වැඩියෙන් භාණ්ඩ අලෙවි කරන ස්ථාන පිළිබඳව 1977 දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික ජනතාවට පැමිණිලි කිරීමටත් අවස්ථාව ලබාදී ඇත.
මේ අනුව පාරිභෝගික අධිකාරිය විසින් කළ වැටලීම්වලදී පෙරේදා (16දා) දිනය අවසන් වන විට වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ ව්‍යාපාරිකයන් 99 දෙදෙනෙකුට එරෙහිව නඩු පැවරූ බවද එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කළේය.