අත්‍යවශ්‍ය භාණ්ඩ 16 ක් සඳහා 2016 ජූලි 15 වැනි දින සිට හඳුන්වාදුන් පාලන මිල මේ වනවිට රට පුර ක්‍රියාත්මක විය යුතු වුවද එම මිල ගණන්වලට භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයාට නොහැකි වී ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ, මීට පෙර රජය විසින් දින සියය වැඩසටහන යටතේ පාරිභෝගිකයාට ලබාදුන් සහනද ක්‍රියාත්මක නොවූ බවයි.
මෙහිදී, වෙළෙඳ ආයතන විසින් අදාල මිල ගණන් ප්‍රමාණවත් නොවන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන බවත්, මෙම තත්ත්වය යටතේ ප්‍රමිතියෙන් තොර භාණ්ඩ වෙළෙඳ පොළ ආක්‍රමණය කිරීමට ඇති අවදානම වැඩි බවත් ඔවුන් පෙන්වා දෙයි.
තත්ත්වය මෙසේ වන නිසා භාණ්ඩවල ප්‍රමිතිය සොයා බැලීම සඳහාත්, පාලන මිලට භාණ්ඩ අලෙවි නොකරන වෙළෙඳ සැල් වෙත නීතිය ක්‍රියාත්මක කිරීම සඳහාත් කිසියම් යාන්ත්‍රණයක් අවශ්‍යව ඇති බවත්, ඒ සඳහා දැනට තිබෙන පාරිභෝගික අධිකාරියට ක්‍රියාත්මක වීමට ඇති සේවක පිරිස ප්‍රමාණවත් නොමැති බැවින්, රජය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු බවත් ඔවුන් පෙන්වා දෙයි.
එමෙන්ම, නීතිය කොල කෑල්ලකට සීමා නොකර හා මහජනයාට නීතිය පිළිබඳ ඇති විශ්වාසය කඩවීමට ඉඩ නොතබා පාලන මිලක් ක්‍රියාත්මක කිරීමට යම් යාන්ත්‍රණයක් වහා සැකසිය යුතු බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වැඩිදුරටත් පවසයි.