රුපියල් නව ලක්ෂ තිස්පන්දහසක් වටිනා හෂීස් ග්‍රෑම් 775 ක් පාපැදියක බාර් එකක් තුළ සඟවාගෙන මෙරටට පැමිණි ඉන්දියන් ජාතිකයෙකු අද (02දා) රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය මගින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු ඉන්දියාවේ මදුරෙයි පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.
ඉන්දියාවේ ට්‍රිචී නුවර සිට යු.එල් 134 දරන ගුවන් යානයෙන් පාපැදියක්ද රැගෙන
ඔහු මෙරටට පැමිණ ඇති අතර පාපැදිය පිළිබඳ ඇතිවූ සැකය හේතුවෙන් රේගු නිලධාරීහු පාපැදි සැකිල්ලේ ඇති බාර් වලට තට්ටු කර බැලීමේදී එක් බාරයක ශබ්දය තරමක් වෙනස් බව දැනීමෙන් පසු එය ගලවා බැලීමේදී ඒ තුළ තිබී හෂීස් අඩංගු පැකට් පහක් සොයාගෙන ඇත.