ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය වතිකානුව විසින් තහවුරු කර ඇති බවත්, පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය සඳහා අවශ්‍ය සියලු කටයුතු ශ්‍රී ලංකා රජය විසින් සම්පාදනය කරමින් තිබෙන බවත් ජනපති මාධ්‍ය අංශය නිවේදනයකින් කියයි.
එම කටයුතු සඳහා වතිකානුවේ කතෝලික සභාවේ නිලධාරීන්ගේ සහාය ලැබී තිබෙන බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.
පාප්වහන්සේ ජනවාරි මස දිවයිනට පැමිණෙන බව සඳහන් වුවත් ඒ කුමන දිනයකදීද යන්න පිළිබඳව නිවේදනයේ සඳහන් නොවෙයි.