අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ජනවාරි 13 දා ලංකාවට පැමිණෙන බවත්, ඒ සඳහා සියලු කටයුතු සූදානම් කරමින් තිබෙන බවත්, පාප් වහන්සේගේ ලංකා ගමනේ සංවිධාන කටයුතු සිදුකරන සිරිල් ගාමිණී පියතුමා පැවසූහ.
ජනාධිපතිවරයා හෝ මැතිවරණ කොමසාරිස්වරයා විසින් ජනාධිපතිවරණයට දිනයක් ප්‍රකාශ කර නොමැති හෙයින් පාප් වහන්සේගේ ලංකාගමනේ දින වෙනස් කිරීමක් අවශ්‍ය නොවනු ඇති බවත් එතුමා පවසා සිටියහ.