ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්රාව ඊයේ (29දා) උතුවන් කන්දේ සිට නෙළුම් දෙණිය දක්වා ගමන් ගන්නා විට එහි ආරම්භයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එක්ව සිටියත් පසුව ඔහු පෙනෙන්නට නොසිටියේය.
කෙසේ වෙතත් ඊයේ දහවල් වන විට හිටපු ජනපතිවරයා අනුරාධපුර ගලෙන්බිදුණවැව ප්රදේශයේ හා අනුරාධපුර හිදෝගම ප්රදේශයේ ආගමික උත්සව දෙකකට පැමිණ සිටියේය.
එහිදී ගලෙන්බිදුණවැව ආගමික උත්සවය අමතමින් හිටපු ජනපතිවරයා ප්රකාශ කළේ රට රැවටිය හැක්කේ කෙටි කාලයකට බවත් මේ වන විට බොරුව හෙළිවී ඇති බවත්ය.
එසේම පසුගිය වසර 10ක පාලන කාලය වූ තම ආණ්ඩුව යටතේ ලබාගත් ණය ප්රමාණයත්, වත්මන් ආණ්ඩුව වසර එක හමාරක් තුළ ලබාගත් ණය ප්රමාණයත් එක හා සමාන බවද හිටපු ජනපතිවරයා පැවැසීය.
මත්තල ගුවන්තොටුපොළේ හා හම්බන්තොට වරායේ වටිනාකම රජයට දැන් පෙනී ඇති බවත් ඔහු සඳහන් කළේය.